Teacher Training Institute
Shaping the Compassionate and Knowledgeable Educators of Tomorrow.
Our Philosophy
සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය
සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය
ශ්‍රී ලාංකේය පිරිවෙන් පද්ධතිය තුළ සේවයේ නියුතු ගුරු ස්වාමීන්වහන්සේලා පුහුණු කිරීම සඳහා මහාචාර්ය ගුණපාල මලලසේකර ශූරීන්ගේ සංකල්පයක් මත පූජ්‍ය මාපළගම විපුලසාර හිමියන්ගේ යෝජනාවක් මත 1956.08.18 දින රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දී රත්මලාන පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය ස්ථාපනය වී ඇත.
ආරම්භයේ දී සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ පාලනය වූ මෙම ආයතනය 1981 වර්ෂයේදී රජයට පවරා ගන්නා ලදී. ආරම්භයේ සිට පූජ්‍ය වලානේ සට්ඨිස්සර ස්වාමීන් වහන්සේ සහ ඉන්පසුව පූජ්‍ය මාපලගම විපුලසාර ස්වාමීන් වහන්සේ පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ තනතුර හොබවා ඇත.
වර්ෂ 1996 දී රත්මලානේ පැවැති මෙම ආයතනය සීතාවක පුරවරයට ගෙන එමින් සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය නමින් සීතාවකපුර අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙන් භූමිය තුළ ස්ථාපනය කරන ලදී. ඒ අනුව සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ ප්‍රථම අධ්‍යක්ෂ තනතුර හෙබවූයේ මහෝපාධ්‍යාය ධුරන්ධර පූජ්‍යපාද වේරහැර අරියවංස නාහිමිපාණන් වහන්සේය. වර්ෂ 2019 දී අරියවංස නාහිමියන්ගේ අධිපතිත්වය යටතේම පැවති කොස්ගම අළුබෝදල ශ්‍රී ඉසිපතනාරාම භික්ෂු ගිලන් මධ්‍යස්ථානය නවීකරණය කරමින් පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය එම ස්ථානය වෙත ගෙන යන ලදී. අරියවංස නාහිමියන්ගේ අපවත් වීමෙන් පසුව පූජ්‍යපාද දේවාලේගම සුමංගල ස්වාමීන් වහන්සේ සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ තනතුරේ කටයුතු කරයි.
මෙම ආයතනයේ සේවය කර විශ්‍රාම ගිය ආයතනාධිපති ස්වාමීන් වහන්සේලා වශයෙන්
මහාචාර්ය පූජ්‍ය දෙහිගස්පේ පඤ්ඤාසාර නාහිමි
පූජ්‍ය පලන්නෝරුවේ විමලධම්ම නාහිමි
ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය පිඹුරේ සෝරත හිමි
ආචාර්ය මැදගම වජිරඤාණ නාහිමි
පූජ්‍ය පල්ලන්තර සුමනජෝති හිමි
පූජ්‍ය දිවියාගහ යසස්සී නාහිමි
ශාස්ත්‍රපති පූජ්‍ය බොස්සැල්ලේ ධම්මාවාස නා හිමි
පූජ්‍ය මාවනානේ සෝමින්ද හිමි
ශාස්ත්‍රපති අටාලේ පියදස්සී හිමි
ශාස්ත්‍රපති කණම්පැල්ලේ සුමනනන්ද නා හිමි
දැක්විය හැකිය. වර්තමානය වන විට සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ ආයතනාධිපති තනතුරේ කටයුතු කරන්නේ පූජ්‍යපාද බඹුරුගමුවේ ධම්මවංස ස්වාමීන් වහන්සේය.
ශ්‍රී ලාංකේය පිරිවෙන් පද්ධතියේ 3-II ශ්‍රේණියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සුදුසුකම මත GAQ සහතිකය මත සහ මධ්‍යම විභාග සහතිකය මත පත්වීම් ලැබ වසර දෙකක සේවා කාලයක් ඉක්ම වූ ගුරු බව තුන් පුහුණු කිරීම සඳහා මෙම ගුරුව අභ්‍යාස ආයතනය වෙත බඳවා ගනු ලබයි. බඳවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ සිදුවනු ඇත.
දෑ අවුරුදු පූර්ණ කාලීන පාඨමාලාවක් මෙම ආයතනය තුළ ක්‍රියාත්මක වන අතර විෂය මාලාව
ශාස්ත්‍රීය අධ්‍යාපන විෂය මාලාව
වෘත්තීය අධ්‍යාපන විෂය මාලාව
පොදු අධ්‍යාපන විෂය මාලාව
ආදී වශයෙන් ක්‍රියාත්මක වෙයි. මෙම පුහුණුව අවසන් කරන ගුරු ස්වාමීන් වහන්සේලා ශාස්ත්‍රීය අධ්‍යාපන විෂය මාලාව වෘත්තීය අධ්‍යාපන විෂය මාලාව අනිවාර්යයෙන් සමත් විය යුතු වන අතර පොදු අධ්‍යාපන විෂය මාලාව තුළ පවතින අනිවාර්ය ප්‍රායෝගික ඉගැන්වීම් පුහුණුව සහ පර්යේෂණ නිබන්ධනය සිදුකළ යුතුය. එසේම එම පොදු විෂය මාලාව තුළ පවතින වෛකල්පිත විෂයන් අතරින් විෂයන් තුනක් සමත්වීම අනිවාර්ය වෙයි.
වර්තමානය වන විට මෙම ගුරු අභ්‍යාස ආයතනය තුළ ශ්‍රී ලාංකේය පිරිවෙන් පද්ධතියට බඳවාගන්නා නවක ගිහි පැවිදි ගුරු බව තුන් වෙත කණ්ඩායම් වශයෙන් ගෙන දස දින නේවාසික පුහුණු වැඩමුළු ක්‍රියාත්මක කිරීමද ආරම්භ කර ඇත. එම ව්‍යාපෘතිය අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය යටතේ ක්‍රියාත්මක වෙයි. තවද අනාගතයේදී සීතාවක පුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය හා සම්බන්ධීකරණයක් ඇති කරමින් උපාධි ප්‍රධානය කරන උසස් අධ්‍යාපන ආයතනයක් දක්වා සංවර්ධනය කරන්නට අවශ්‍ය මූලික සාකච්ඡාවන් සිදුවෙමින් පවතී.
Why Train With Us?
Experienced Faculty
Learn from seasoned educators and respected scholars in the field.
Holistic Curriculum
A unique blend of modern teaching methods and timeless ethical principles.
Practical Training
Extensive hands-on teaching practice in real classroom environments.
Recognized Certification
Earn a respected qualification that opens doors to a rewarding career.
Begin Your Teaching Journey
Take the first step towards a fulfilling career in education. Contact us to learn more about our programs and the admission process.
Inquire About Admissions