Our Storied Past
A journey through time, from humble beginnings to a beacon of knowledge.
Our Legacy
Over a Century of Dedication
For more than 100 years, Sudarmaramaya has been a sanctuary of learning and spiritual growth. We have been steadfast in our commitment to blending timeless wisdom with contemporary education, shaping generations of leaders, scholars, and compassionate individuals.
Key Milestones
1965.09.13
Inauguration of the Sri Sudharmarama Primary Pirivena, Avissawella, Seethawakapura
1980
Sri Sudharmarama Pirivena becomes a Maha Pirivena
1981
Sithawakapura Avissawella Sri Sudharmarama Maha Pirivena was elevated to the status of B.P./or/Sri Sudharmarama Vidyayathana Pirivena
Guiding Lights of Our Past
Ven. Dewundara Wachissara Thero
The Founder
Ven. Dr. Galboda Gnanissara Thero
The Co Founder
Ven. Werahara Ariyawansa Thero
Past Head
බප/හෝ/ ශ්‍රි සුධර්මාරාම විද්‍යායතන පිරිවෙණ - සීතාවකපුර - අවිස්සාවේල්ල
පිරිවෙණ අරම්භයේ සිට හැට වසකරක් පැමිණි ගමන් මාවත
සීතාවකපුර - අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම විද්‍යායතන පිරිවෙණ යනු කොළඹ හුණුපිටිය
ගංගාරාම මහා විහාරස්ථානයට අයත් ප්‍රධානතම ශාඛා විහාරස්ථානයයි. ක්‍රි.ව.1954 වර්ෂයේ දී
පූජ්‍යපාද
දෙවුන්දර
සිරි
ජිනරතන
නා
හිමියන්
අපවත්
වීමෙන්
පසුව
ගංගාරාම
විහාරස්ථානයේ අධිපතීත්වයට කොළඹ කඩවත් සතර තුළ ප්‍රධාන සංඝනායක අති පූජනීය
දෙවුන්දර සිරි වාචිස්සර නා හිමියන් පත් ව ඇත. වත්මන් අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මාරාම
විද්‍යායතන පිරිවෙන ස්ථාපිත භූමිය, පිරිවෙනක් ආරම්භ කිරීම සඳහා දායක සභාව විසින්
ගංගාරාමයට පවරා දීමෙන් පසුව සුධර්මාරාම විහාරයේ හිමිකාරීත්වය ද ගංගාරාම මහා
විහාරස්ථානය සතුව පවතී.
වේහැල්ලේ
සඟ
පරපුරට
සම්බන්ධ
කීර්තිමත්
පඬිරුවනක්
වූ
විද්‍යෝදය
විශ්වවිද්‍යාලයේ උපකුලපති, අග්ග මහා පණ්ඩිත, ආගම චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත
පලන්නෝරුවේ ශ්‍රී සිද්ධාර්ථ විමලධම්මාභිධාන කොළඹ නව කෝරළයේ උප ප්‍රධාන සංඝ
නායක ස්වාමින්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය රත්නයක් වූ පූජ්‍ය වේරහැර අරියවංස හිමියන්
පිරිවෙනක් ආරම්භ කරමින් පවත්වාගෙන යාම සඳහා 1965 වර්ෂයේ දී අවිස්සාවේල්ල ශ්‍රී
සුධර්මාරාම විහාරයට වැඩම කරවන්නේ අති පූජනීය දෙවුන්දර සිරි වාචිස්සර නා
හිමියන්ගේ හා අති පූජනීය ගල්බොඩ ඥානිස්සර පොඩි හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා
සමඟිනි.
ඒ අනුව 1965.09.13 දින එවකට කොළඹ හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපතිව වැඩ
සිටි කොළඹ කඩවත් සතර තුළ ප්‍රධාන සංඝනායක අතිපූජනීය දෙවුන්දර සිරි වාචිස්සර නා
හිමියන්, ආචාර්ය
අති පූජනීය ගල්බොඩ ඥානිස්සර නා හිමියන් සහ පූජ්‍යපාද වේරහැර
අරියවංස නා හිමියන් විසින් සුධර්මාරාම මූලික පිරිවෙන ආරම්භ කළ අතර ඉන් අනතුරුව
මෙම පිරිවෙණ හුණුපිටිය ගංගාරාම මහා විහාරස්ථානයේ පූර්ණ අධීක්ෂණය සහ ආශිර්වාදය
සහිතව මහ පිරිවෙණක් බවටත් පසුව විද්‍යායතන පිරිවෙණක් බවටත් උසස් වී ඇත.
පිරිවෙනේ ආරම්භක කෘත්‍යාධිකාරී ධූරයේ කටයුතු කළේ අපවත් වී වදාළ කොළඹ
කඩවත් සතර තුළ ප්‍රධාන සංඝනායක අති පූජනීය දෙවුන්දර සිරි වාචිස්සර නා හිමිපාණන්
වහන්සේ ය. උන්වහන්සේගෙන් පසුව පූජ්‍යපාද දෙවුන්දර රතනජෝති නා හිමියන්
පිරිවෙනේ කෘත්‍යාධිකාරී ධූරය හොබවා ඇත.
ලෝකවාසී පොදු මහජනතාව අතර ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ වශයෙන් ප්‍රකට
වූ කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය අතිපූජනීය ගල්බොඩ ඥානිස්සරනා හිමියන් සුධර්මාරාමයේ කෘත්‍යාධිකාරීත්වය දරණ යුගය ද පිරිවෙන් විද්‍යායතනයේ
සංවර්ධනයේ කැපී පෙනෙන අවධියක් විය.
ඉන් අනතුරුව ආචාර්ය අති පූජනීය පල්ලේගම රතනසාර නා හිමියන්ගෙන් පසු
වර්තමානය වන විට කොළඹ, හුණුපිටිය ගංගාරාම මහා විහාරාධිපති, ධර්ම කීර්ති ශ්‍රී
ඥානිස්සරාභිධාන කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, රාජකීය පණ්ඩිත ආචාර්ය
අතිපූජනීය කිරින්දේ අස්සජී නා හිමිපාණන් වහන්සේගේ කෘත්යාධිකාරීත්වයෙන් යුත්
සුධර්මාරාම විද්‍යායතනය උගත් වියත් ගිහි පැවිදි සිසු පරපුරක් දැයට දායාද කරන පුණ්‍ය
භූමියක් බවට පත්ව ඇත.
පිරිවෙනේ සේවය කොට විශ්‍රාම ගිය පරිවෙණාධිපතිවරු වශයෙන්
01. පූජ්‍ය වේරගොඩ සාරද හිමි
02. පූජ්‍ය වේරහැර අරියවංස හිමි
03. පූජ්‍ය පරණගම ධම්මානන්ද හිමි
04. පූජ්‍ය දේවාලේගම සුමංගල හිමි
05. පූජ්‍ය මාපිටිගම ඉන්දසාර හිමි
06. පූජ්‍ය කපුවැල්ලේ රතනසාර හිමි
07. පූජ්‍ය බස්නාගල සමිතරතන හිමි
සඳහන් කළ හැකිය.
පූජ්‍යපාද වේරහැර අරියවංස ස්වාමීන්වහන්සේ සුධර්මාරාම පිරිවෙන තුළ සුවිශේෂී
යතිවරයාණන් වහන්සේ නමකි. ගංගාරාම මහා විහාරයේ පූර්ණ ආශිර්වාදය සහිතව ශ්‍රී
සුධර්මාරාම පිරිවෙණ ආරම්භ කිරීම, එය විද්‍යායතන පිරිවෙණක් බවට පත් වීමත් සමඟ
සාමණේර හිමිවරුන්ගේ මූලික අධ්‍යාපනය සඳහා කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහ
පිරිවෙණ ආරම්භ කිරීම මෙන්ම රත්මලානේ පැවති පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය
සීතාවකපුරයට ගෙන එමින් සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනය ආරම්භ කිරීම
උන්වහන්සේ අතින් සිදු වූ ජාතික ආගමික කාර්යභාරයේ වඩාත් සුවිශේෂී සේවාවන්
කිහිපයක් පමණි. අපවත්වනවිට උන්වහන්සේ ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරය ඇතුලු විහාර
ගණයේ අධිපතීත්වය, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ අධ්යක්ෂ තනතුර,
කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී තනතුර, කොළඹ මහ දිසාවේ
ප්‍රධාන අධිකරණ සංඝ නායක තනතුර මෙන්ම මහනුවර මල්වතු මහා විහාරයේමහෝපාධ්යාය තනතුර ද හොබවමින් සීතාවකපුරවරයට ඉමහත් ශාසනික අධ්‍යාපනික
සේවයක් සිදු කර තිබුණි.
උන්වහනන්සේගෙන් අනතුරුව ශ්‍රී සුධර්මාරාම පිරිවෙන් විහාරය ඇතුලු විහාර
ගණයේ අධිපතීත්වය, සීතාවකපුර පිරිවෙන් ගුරු අභ්‍යාස ආයතනයේ අධ්යක්ෂ තනතුර,
කොස්ගම කරගල්ල ශ්‍රී න්‍යග්‍රෝධ මහ පිරිවෙනේ කෘත්‍යාධිකාරී තනතුර දරමින් හුණුපිටිය
ගංගාරාම මහා විහාරස්ථානයේ පූර්ණ ආශිර්වාදය සහිතව සුධර්මාරාම පිරිවෙන ඇතුළු
ශාසනික අධ්‍යාපන ආයතන සංවර්ධනීය මාවතකට ගෙනයන්නට නායකත්වය සපයන්නේ
විශ්‍රාමලත් පරිවෙණාධිපති පූජ්‍ය දේවාලේගම සුමංගල නා හිමියන් ය.
වර්තමාන යුගයේ සුධර්මාරාම විද්‍යායතනයේ පරිවෙණාධිපති ධූරයේ කටයුතු
කරන්නේ
ගෞරව
ශාස්ත්‍රවේදී
පූජ්‍ය
සියඹලාවල
නන්දවංස
ස්වාමීන්වහන්සේ
ය.
උන්වහන්සේගේ මෙහෙයවීම යටතේ රජයේ පත්වීම් ලාභී පැවිදි ගුරුභවතුන් පස් නමක් සහ
ගිහි ගුරුභවතුන් 15 දෙනෙක් වශයෙන් ගුරුභවතුන් 20 දෙනෙක් සුධර්මාරාම විද්‍යායතනයේ
සේවයේ නියුතු ව සිටීයි. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා උසස් පෙළ කලා සහ වාණිජ
අංශ සහිතව අධ්‍යයන කටයුතු සිදු කරන සුධර්මාරාම විද්‍යායතන පිරිවෙණ බස්නාහිර
පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ, හෝමාගම අධ්‍යාපන කලාපයට අයත් එකම විද්‍යායතන
පිරිවෙණ වශයෙන් කටයුතු කරයි. සෑම වසරකදීම පාහේ විශ්වවිද්‍යාල පද්ධතියට ගිහි පැවිදි
සිසුන් දායාද කරමින් ශාස්ත්‍රීය අධ්‍යාපනයට අමතරව සෞන්දර්ය, ක්‍රීඩාව සහ ප්‍රායෝගික
මාධ්‍ය අධ්‍යාපනය වැනි විෂය සමගාමී කුසලතා දරුවන්ට දායාද කරන්නට සුධර්මාරාම
පිරිවෙණ කටයුතු කරයි.
නැණ ගුණ පිරි ගිහි පැවිදි ශිෂ්‍ය ප්‍රජාවක් බිහි කිරීම දැක්ම කොටගත් බප/හෝ/ශ්‍රී
සුධර්මාරාම විද්‍යායතනයේ මෙහෙවර වන්නේ ශාසනයේ අභිවෘද්ධිය සුරකිමින්, අනාගත
ලෝකය ජය ගත හැකි, සාරධර්මයෙන් පිරිපුන්, අභියෝග ඉදිරියේ නොසැලෙන, යහපත්
පුරවැසියෙකු දැයට දායාද කිරීමයි.